Total Pageviews

Sunday, July 24, 2016

ස්ත්‍රී - පුරුෂ සබඳතාවයේ අවශ්‍යතාවය







පළමු වන කාන්තා දිනය සමරන ලද්දේ 1911 දීය. එදා සිට අද වන තුරු අවුරුදු සියයකට පසුවත් අන්තර්ජාතික මට්ටමෙන් කාන්තාවන්ගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ තරුණ නොබෙල් ත්‍යාගලාභී මලාලා ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාවට දිගින් දිගටම හඬ නගන්නට සිදු වී ඇත. ශ්‍රී ලංකාව ගත් කළ අපට අපේ කාන්තා අධ්‍යාපනය පිළිබඳව ප්‍රමාණාත්මකව සතුටු විය හැකිය. නමුත් කාන්තාවන්ට පාර තොටේ යන එන විට සිදුවන කරදර මෙන්ම අපචාර හා දූෂණ දක්වා විස්තෘත වන කාන්තා හිංසන ක්‍රියාවන් තුළින් අපේ ඒ සාර්ථකත්වයට කළු පැල්ලමක් එක් වෙයි. අණ පනත් නීති රීති පැනවීමෙන්ම එම තත්ත්වය සමනය වේ යයි විශ්වාස කළ නොහැක. දීර්ඝකාලීන විසඳුමක් ලබා ගැනීමට නම් කාන්තාවන් හා පිරිමින් අතර අන්‍යොන්‍ය අවබෝධය හා ගෞරවය ඇති කරවන වැඩපිළිවෙලක් තිබිය යුතුය. 
නූතන ලෝකය තුළ කාන්තාව හා පිරිමියා දුරස්වීමක් දැකගත හැකිය. මෙය නුසුදුසු තත්ත්වයකි. 70 දශකයේ දී මොනිකා රුවන්පතිරණ කිවිඳිය ලියූ  ඔබේ යෙහෙළිය ඇය ගැහැණියට ඉහළින් යන ඔබේ යහළුවා ඔහු පිරිමියා කියන තත්ත්වයට අපි පැමිණ සිටිය යුතු නොවේ ද?