Total Pageviews

Tuesday, July 26, 2016

සිනමාවේ දිදුලන තරුවක්




ලෝක සිනමාව පිළිබඳව කතාබහ කරන විට එහි උන්නතිය උදෙසා විශාල මෙහෙයක් සිදු කළ සිනමාකරුවෙක් ලෙස මයිකල් ලැතම් පවෙල් හඳුනාගත හැකිය. ඔහු සිනමා දිවිය ආරම්භයේ සිටම ජීවිතයේ අවසාන කාලය වන තෙක් සිනමාවේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් රැසක් දැක්වීමට සමත් වූ අයෙකි. 

පවෙල් මෙලොව උපත ලබන්නේ තම පවුලේ දෙවනියා ලෙස 1905 වර්ෂයේ සැප්තැම්බර් 30 වන දිනය. ඒ එංගලන්තයේ කේන්ට් නගරයේ  bekesbourn නම් ස්ථානයේ දීය. ඔහු මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ The king scool වලිනි. පසුව ඔහුට සරසවි අධ්‍යාපනය ලැබීමට ද වරම් ලැබී ඇත.පවෙල්ගේ විවාහය එක් කාන්තාවක් නොව කාන්තාවන් කිහිප දෙනෙකු සමග සිදුව තිබේ. එනම් Gloria Mary Rouger , Frankie Reidy, Thelma Schoonmaker යනාදි අයයි. 

පවෙල් සිනමා ජීවිතයට එළඹීමට පෙර  බැංකුවක සේවය කර ඇත. එහි වැඩ කටයුතු පිළිබඳව ඇති වූ නීරස බව හේතුවෙන් රැකියාව අතහැර සිය පියා සමග දකුණු ප්‍රංශයටගොස් සිනමාව සමග වඩාත් සමීප වී කටයුතු කර තිබේ. මෙහිදී පවෙල් චිත්‍රපට සඳහා වැඩි උනන්දුවක් දක්වමින් කටයුතු කර ඇති අතර එයට විවිධ බාධාවන් ද පැමිණ ඇත. නමුත් එ්වා කෙරෙහි නොසැලී කටයුතු කළ ඔහු Rex Ingram සමග එකතුව වැඩ කටයුතු සිදු කර තිබේ. ඔහු සමග එක්ව විශාල වැඩ කටයුතු කොටසක් සිදු කිරීමට පවෙල්ට හැකියාව ලැබී ඇත. එහි ප්‍රථිඵලයක් ලෙස සිනමාවට සම්බන්ධ සියලුම අංශ හා එක්වීමට ඔහුට හැකි වි ඇත. ඒ අනුව පවෙල්,
 ඡායාරූප ශිල්පියෙක් , කැමරා ශිල්පියෙක්, නළුවෙක්, චිත්‍රපට තිර රචකයෙක් සහකාර අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් සිනමා ක්ෂේත්‍රය තුළ විවිධ හැකියාවන් මතු කරගෙන තිබේ.

පවෙල් සිනමා දිවියේ මුල් අවදියේ දී බිම අතුගාමින්, තේ හදමින් කටයුතු කර ඇති අතර පසුව photography ලිවීම වැනි දේ සිදු කර ඇත. 
1928 දී පවෙල් නැවත එංගලන්තයට ගොස් Alfred Litchcock සමග එකතු වී වැඩ කරන ලදී. එහිදී පිටපත් රචනයෙන් පසුව ඔහු Jerry Jauso සමග සබඳකමක් පවත්වාගෙන ගොස් ඇත. එහිදී අධ්‍යක්ෂණය කෙරෙහි යොමු වී ඇත. ඒ අනුව පවෙල්ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ 1931 රචනා වූ Two crowded hourse චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය සඳහා ඔහු 1936 වසරේ දී ගිනස් වාර්තා දීනා ගැනිමට සමත් විය. එමෙන්ම The Edge of the world චිත්‍රපටය හෙදෙම චිත්‍රපට 10 අතරට තේරී පත් වී ඇත.

පවෙල් සිනමා ජීවිතයට ප්‍රවේශ වීමෙන් අනතුරුව අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයෙකු, නළුවෙකු වශයෙන් පමණක් නොව සිනමාවේ උන්නතිය උදෙසා විශාල වැඩ කොටසක් කළ අයෙකු බව අගය කළ අයෙකි. 
ඒ අනුව පවෙල් කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස අගය කළ හැකිය. ඔහුට කීර්තිමත් සහ සම්බන්ධතාවක් Emenic Pressvrger සමග ද පවතී. The Archers එවුන් දෙදෙනා සමග එක්ව රචනා කරන ලද නිර්මාණයක් වන අතර එය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය බ්‍රිතාන්‍ය චිත්‍රපට තරමටම සැකසී ඇත. මෙයට අමතරව,  Parrallel(1949), The life and Death of colonel Blimp(1941), A matter of life and Death(1945), Blank Narcissus(1947), The Red Shoes(1948), The Tales of Hoffmann(1951) යන්න ද ඔහුගේ නිර්මාණ අතර වේ. 

සිනමාවේ උන්නතිය උදෙසා සුවිසල් මෙහෙයක් ඉටු කළ මයිකල් ලැතම් පවෙල් ලෝක සිනමාවේ දිදුලන තරුවක් ලෙස හැදින්විය හැකිය..