ලක්‍ෂපාන ජල විදුලිබලාගාරය අසල අතිශය
සුන්දර පරිසරයක පිහිටි ලක්‍ෂපාන දිය ඇල්ල ඉස්මත්තේ සප්ත කන්‍යා කඳුවැටිය
පිහිටා ඇත. සප්ත කන්‍යා යනුවෙන් මෙම කඳු වැටිය හඳුන්වන්නේ කඳු හතකින් යුක්තව සැකසී ඇති නිසාවෙනි. එම හතකින් යුක්ත කඳු වැටියේ පස්වැනි කන්දේ ගුවන් යානයක එක් තටුවක් ගැටීමෙන්
අනතුරක් සිදු විය. එම අනතුරින් ගුවන් යානය ඉදිරියට ගමන් කිරීමේ දී සප්ත කන්‍යා
කඳු වැටියේ පස්වැනි කන්දේ අඩි කීපයක් ගල දිගට ඇඳී තිබූ රේඛාව වසර ගණනක් යනතුරු සුදුපාට
වර්ණයෙන් දිස්ව තිබූ බව වාර්තා විය. නමුත් මේ වන විට එය වල්වැදී මැකී ගොස්
ඇති අයුරු දැක ගත හැකිය.
එක්දහස් නවසිය හැත්තෑ හතරේ දෙසැම්බර් මස
හතර වැනි දින සිදුවූ මේ ඛේදවාචකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, නෝටන්
බිරේජ් පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු
වැටිය පිළිබඳව ලොව දසත ප‍්‍රසිද්ධියට
පත්විය. ශ්‍රී ලංකාවේ ගීත රචකයන් කීප
දෙනෙක් විසින් පබැදු ගී පද මාලා
සුප‍්‍රසිද්ධ ගායකයන්ගේ හඬින් ගායනා කර
කැසට් පට මගින් එවකට ප‍්‍රසිද්ධ
වූයේ මේ අනතුරේ පසුබිම තොරතුරු ඇතුළත්
කරමිනි.
කාන්තාවක් සැතපී සිටින ආකාරයෙන් පිහිටි
මේ සුන්දර සප්ත කන්‍යා කඳු ශිකරය බිලිගත් මාර්ටින් එයාර් ගුවන් අනතුර එදා
සියැසින් දුටු අය බොහෝ පිරිසක් අද මියගොස් ඇති අතර තවමත්
කීප දෙනෙක් අවට ගම්මානවල සිටිති.






