දියුණු තාක්ෂණ්‍යත් එක්ක කටයුතු කිරීම වරදක් නොවූවත් එය හරිහැටි භාවිත කිරීම ඉතාම වැදගත්. ඒ වගේ සැලකිල්ල හැමදේකටම වැදගත් වන කාලයක නොසැලකිල්ල නිසා සිදු වූ විනාශයක් ගැනයි අද මම කියන්න යන්නේ. ඒ මෙලොව එළිය දුටු පුංචි ගිත්මිට වැඩි කාලයක් අප අතර සිටින්නට වරම් අහිමි කළ මුහුණුපොත මුල් කරගත් කඳුළු කතාන්දරය ගැනයි.
පසුගිය දවසක පිටිගල තල්ගස්වල ප්‍රද්‍ෙශයෙන් මෙම ඛේදනීය සාධකය අපට දැනගන්න ලැබිණි. පිය සෙනෙහස අහිමිව සැදුණු පුංචි ගිත්මිගේ පවුලේ ඇයයි ඇගේ සහෝදරියයි මවයි ජීවත් විය. පියා නොමැති වුවත් දරුවන් වෙනුවෙන් වෙහෙස වූ ගිත්මිගේ මව ඔවුනට ඉගැන්වීමට ඉමහත් වෙහෙසක් ගත්තාය. ඒ නිසාම වර්තමානයේ නැතිවම බැරි පරිගණක අධ්‍යාපනය වැඩිමහල් දියණියට ලබා දිය යුතු බව තීරණය කළාය. ඒ අනුව පරිගණකට පන්තියක් සොයා එයට ඇතුළත් කරන්නට විය. සෙව්වන්දි කෙටා කලකින් පරිගණක අධ්‍යාපනයේ ශූරියක් ලෙස කටයුතු කරමින් මුහුණු පොත භාවිතයට ද හුරු විය. එ් අතර ඇයට මුහුණුපොතෙන් අනංගයකු හමු වන්නේ ඉතා ඉක්මනිනි. හැමදේම ඉක්මනින් සිදු වන අතරෙ මුහුණුපොතෙන් හමු වූ මේ අනංගයා සෙව්වන්දිට සමීප වූවාට වැඩි වේගයකින් අතැර යන්නේ දහසක් බලාපොරොත්තු ඇයගෙන් උදුරා ගනමිනි. ඒ සිදුවීම දරාගත නොහැකි තරමට දුකක් ඉතිරි කළ ඒ සිදුවීම නිසාවෙන් සෙව්වන්දි සාමාන්‍ය පෙළ විභායට මුහුණ දෙන්නේ ද දැඩි කලකිරීමකිනි. පිය සෙනෙහස ද අහිමි වූ ඇයට මෙය දරාගත නොහැකි වීමත් සමඟ තම ජීවිතය විනාශ කර ගැනීමට තීරණය කරන්නේ තම පවුලම විනාශයට ඇද ගනිමිනි. උත්සාහ දරන්නේ තම මව සහ පුංචි නැගණිය පිළිබඳවත් නොසිතමිනි. ජීවිතය විනාශ කර ගැනීමට යැයි සිතා බෙහෙත් පෙති අහුරක් බී තම ජීවිතය අහිමි කරගන්නට උත්සහ කළ සෙව්වන්දි සිහි සුන්ව ඇද වැටී සිටිනු දකින්නේ පුංචි ගිත්මි ය. තම එකම සහෝදරිය වැටී සිටිනු දකින පුංචි ගිත්මිගේ කෑ මොරසන් දීමට අහල පහළ සියලු දෙනා ද දිව එන්නට විය.ඒ වන විටත් සෙව්වන්දි මෙලොවින් සමුගෙන ඇතැයි සිතූ මව තමන්ටත් කුඩා ගිත්මිටත් තනිවම ජීවත් වීමේ ඵලක් නැතැයි දිවි නහගැනීමට තිරණය කර පුංචි ගිත්මිත් රැගෙන වත්ත පහළ ළිඳට පැන සියදිවි නසාගන්නට විය. නමුත් සෙව්වන්දි අද වනවිටත් ජීවතුන් අතරය. මේ ලෝකය ගැන කිසිවක් නොදැන සුරංගනා ලොවක තනි වී සිටි පුංචි ගිත්මිට තම ජීවිතය අහිමි ව ගියේය.
මේ තුළින් අප සමාජයg වැදගත් පණිවිඩ රැසක් ලබා දෙයි. ඉන් එකක් නම් ඕනම දෙයක් සැලකිලිමත්ව සීමාවක් තබාගෙන භාවිත කළ යුතු බවයි. එමෙන්ම ඉක්මන් තීරණ ගැනීමෙන් ජීවිත රැසක් විනාශ මුඛයට ඇද දමන බවයි.

No comments:
Post a Comment