Total Pageviews

Friday, July 29, 2016

රටේ අනාගතය කොහාම වෙයි ද?

සමාජයේ දිනෙන් දින සිදු වන අපරාද රැල්ල වැඩි වනවා මිසක් අඩු වන බවක් නම් දකින්න ලැබෙන්නෙ නැත. එයට මූලික හේතුව මේ යැයි කියා එක් අංශයකට පමණක් චෝදනා කළ නොහැක. ඒ, සමාජයේ අද සිදු වන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඊළඟ දවසේ සිදු වන නිසාවෙනි. ඒ වගේ විශ්වාස කළ නොහැකි සිදු වීමක් පසුගිය දිනයක වාර්තා විය. එනම් නාන කාමරයක දිය නාමින් සිටි තරුණියකගේ සිරුර වීඩියෝ කළ බවට ලාබාල පිරිමි ළමයකු දරුවකු අත් අඩංගුවට ගැනීමේ සිදුවීමයි. 

කාන්තාවන්ට පාර තොටේ බැහැලා යන්න බැරි තරමට අද සමාජයෙන් නොයෙකුත් සිදුවීම් වාර්තා වන බව ඇත්ත. නමුත් තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට නාන කාමරයකට ගොස් දිය නා ගැනිමටවත් නොහැකි තත්ත්වයක් ඇති වී තිබීම කෙතරම් අභාග්‍යසම්පන්න ද? එහිදි තවත් ඛේදනීය තත්ත්වය නම් ලාබාල පිරිමි දරුවකු මෙවැනි කටයුත්තක නියැලීමයි. 


 
කාන්තාව දිය නාමින් සිටින අතරතුර එහි වතුර බටය දිගේ නැග නාන කාමරයේ කවුළුවෙන් කාන්තාව දිය නාන ආකාරය වීඩීයෝ කිරීමට තරම් කුඩා ළමයකුට සිතක් පහළ වීම කණගාටුවට කරුණකි. ඒ තරමට අද වන විට ළමා පරපුර වෙත වැරදි ආදර්ශ ලැබී ඇත. 

අද වන විට රටේ අධ්‍යාපනය ලබා දිමට කොතෙකුත් අධ්‍යාපන ආයතන ගොඩනැගුණත් ළමයිගේ මනස සැකසීමට අවශ්‍ය ක්‍රමවේදයන් හි අඩු බවක් දක්නට ලැබේ. මෙවැනි අශිෂ්ට ක්‍රියා කෙරෙහි ලාබාල දරුවන් යොමු වීමට එවැනි තත්ත්වයන් හේතු විය හැකිය. 

එමෙන්ම පවුල් සමාජය තුළ මව්- පිය දූ දරුවන් අතර පවතින දුරස්ථභාවය හා නූතන සමාජ ක්‍රමයේ පවතින දුර්වලතා ද මේ කෙරෙහි බලපානු ඇත. තවද දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ දරුවන්ට හිමි වී තිබෙන අසීමිත නිදහස ද අනවශ්‍ය ක්‍රියා කෙරෙහි යොමු වීමට, අත්හදාබැලීම් සිදු කිරීමට මාර්ගය විවර කර දී ඇත. 

කුඩා දරුවන් සම වයස් කාණ්ඩයට අයත්වූවන් ඇසුරු නොකිරීම ද තවත් හේතුවක් ප්‍රබල හේතුවක් වනු ඇත. මෙම තත්ත්වයන් හේතුවෙන් සමාජ පිරිහිම වැඩි වනවා මිස අඩු වීමක් ගැන සිතිය නොහැකිය.  

එකකට එකක් නොදෙවෙනිව සිදු වන අපරාද රැල්ලේ ආරම්භය මෙය නොවේ. මේ හා සමාන තවත් සිදුවීම් රැසක් සිදු වුණු බව අප කාටත් නොරහසකි. එබැවින් දිගින් දිගටම ළමා පරපුර අයහපත් කටයුතු වල නියැළේ නම් අපට රටේ අනාගතය ගැන  සුභවාදී සිතුවිල්ලක් ඇති කරගත හැකි ද?

4 comments:

  1. කාන්තාවන් සහ දරුවන් රැකගැනීමට මුළු සමාජයටම වගකීමක් වගේම යුතුකමක් තියෙනවා...

    ReplyDelete
  2. me hamadekatama hethuwa minissunge aadhyathmaya pirihimai.

    ReplyDelete
  3. mewani de samajayata dayada karanne minisa weemama ada tiyena barapathala gataluwai

    ReplyDelete
    Replies
    1. E gataluwa ikmanata visada gaththe nathi nam apita anagathayedi godak prashna walata muhunadenna wenawa

      Delete