හැමදේම සිද්ධ වෙන්නෙ මනුෂ්‍යන්ට කියලා ඔබ අහලා ඇති. ඒ සිදු වන සිදු වීම් අතරේ සතුටු වුණු අවස්ථා, දුක් වුණු අවස්ථා වගේම කෝප වුණු අවස්ථාත් ඕන තරම් ඇති. දුක් වීම සතුටු වීම සාමාන්‍ය දේවල් වුණත් කෝප වීම නම් එතරම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා මේ කෝපය වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන හඳුනා ගනිමු.
01. කෝපය ඇති වන්න හේතු වූ පුද්ගලයාගෙ හොඳ පිළිබඳව සිතීම. ඕනෑම නරක පුද්ගලයකු තුළ පවා හොද ගති ගුණ ඇත. හොද සිතන්න සිතන්න කෝපය අඩු වේ. නරක සිතන්න සිතන්න කෝපය වැඩි වේ.
02. වෛරයේ ඇති භයානක කමත්, ඉවසීමේ ආනිසංසත් මෙනෙහි කිරීම තුළින් තරහින් මිදීමට උත්සහ ගත යුතුයි.
03. මා බැණුම් අහන්න අකමැතියි වගේම අනිත් අයත් බැණුම් අහන්න අකමැතියි යන්න සිතීම
04. අසවලා මට බැන්නේය, ගැසුවේය, මාව පැරදුවේය මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් සිතේ වෛරයක් ක්‍රෝධයක් නොතබා ගැනීම
05. මට කේන්ති යාමෙන් හානිය සිදු වන්නේ තමන්ටම බව සිතා කටයුතු කිරීම.
06. කේන්තිය ඇති වීමට හේතු වූ කාරණය ගැන සොයා බැලීම.
07. මට කේන්තිය ඇති කළ පුද්ගලයා පෙර බවයේ මා වෙනුවෙන් විවිධ උපකාර කර ඇති පුද්ගලයෙක් විය හැකි බව සිතීම
මේ කරුණු හරියට හිතුවොත් ඔබේ ජීවිතයෙන් කෝපය කියන දේ ඈත් වී යයි..
ea welawata oka karanna bari ekane prashne
ReplyDeleteA..e kiyanne oyath....
Delete