Total Pageviews

Saturday, August 6, 2016

කියනු මැන...


පෙර අත් භවයේ 
පතා ඔබෙ පුතු වන්න
පැතූ පැතුම
මේ සසරේ
ඉටු වුවද,
දස මසක් ඔබ කුස දරා 
මෙලොවට මා බිහි කරනට
ඉහිලුව ද දුක් ගංඟා 
මා වෙනුවෙන් උපන්
ඒ සෙනෙහේ 
සැඟව ගොස් මොහොතකින්
දමන්නට 
කලු ගඟට
ඔබෙ දෑත් වලට 
හැකි වුණිද,

කියනු මැන...
 
 

2 comments: