Total Pageviews

Saturday, July 23, 2016

වැහි වැහුණු යාචක රොත්ත..

දහසක් බලාපොරොත්තු සිත දරා
වෙහෙස මහන්සියෙන්
සොයා ගත් පනම් දෙක අතැතිව
නැග්ගෙමි බසයකට
නිදහසේ ගමනක් යා හැකි යැයි සිතා..

ටික දුරක් ගමන් කරන විට
බසයට නැගි අයෙක්
කියයි තම දුක කැටි කොට
ජීවිතේ අමිහිරි බව

අනුකම්පාව පෙර දැරිව
අතේ තිබු සන්තකෙන්
ගෙන කාසි අහුරක්
දුන්නෙමි අත දිගු කොට ..

බැස ගිය පසු හෙතෙම
රබානක් පෙර දැරිව
තවකෙක්
නැඟුණි බසයට
ගීතයක් කියන්නට...

ගීයේ පද නොගැළපුණත්
සිතට සුවයක් ගෙනා
මිහිර බව නිසාවෙන්
දෙන්නට සුළු මුදලක්
සිතුනි ඒ වෙලාවෙම..

යන්නට ඇත තවත්
පැය ගණනාවක්ම
යාන්තම් ඇහැ පියවීගෙන එද්දි
ඇසුණි දුක් අඳෝනාවක්

බසයට 
නැගුණු කාන්තාවක
කියයි තම දුක් ගීය
කුඩා දරුවකු ද අතැතිව..

මේ කිසිවක් නොදන්නා
සිඟිත්තා 
නිදයි මව් තුරුලේ
සිහින අතරට වෙලා..

පෙර කළ පාපයට
කිරිකැටියා ගෙවන
පවින් මුදවාගන්න
සිතුණි මට අතිවැලක් වෙන්න..

බසය යයි වේගයෙන්
තව බසයක් පරදන්න
නගියි තව හිඟන්නෙක්
අන්ද බව පවසමින්...

මෙතෙක් වේලා
පැවති කරුණාබර සිතට
නැගුණි මහ අප්‍රසන්න බවක්
යාචකයන් ගැන

එකා පසු පස එකා
වැළ නොකැඩී නැගී
වෙහෙස වී සොයා ගත්
තුට්ටු දෙකට
තට්ටු විය නොදැනීම..




2 comments: