නව මාධ්‍යයේ ආගමනයත් සමඟ තරුණ ප්‍රජාව ඒ කෙරෙහි යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට හැකිය. එය ඇතැම්විට යොමු වීම පමණක් නොව ඇබ්බැහි වීමක් වශයෙන් සැළකිය හැකිය. එහිදී ජංගම දුරකතනය, Facebook, Youtube,Gmail,Twitter, ආදිය නව මාධ්‍යන්ගේ ආගමනය තුළ පෙරගමන්කරුවන් ලෙස හැදින්විය හැකිය. ඒවා එකකට එකක් තරුණ ප්‍රජාව ග්‍රහණය කරගැනීමේ ස්වභාවය අනුව වෙනස් වෙයි.
නව මාධ්‍ය තුළ හොද හා නරක යන දෙඅංශයම පවතී. ඒ පිළිබඳව නිසි අවබෝධයෙන් භාවිත කරන්නන් හට නොයෙක් ගැටලු වලට මුහුණ දීමට සිදුවීමෙන් වැළකිය හැකිය. නමුත් අනවබෝධයකින් කටයුතු කරන්න් හට අනාගතයම බිඳ වැටිය හැකි සිදුවීම් සිදුවිය හැකිය. එවැනි තත්ත්වයන් වත්මන් සමාජය තුළින් කොතෙකුත් වාර්තා වෙයි. ඉන් වැඩිහරියක් තරුණ ප්‍රජාව හා බැඳුණු ගැටලු බව හඳුනාගත හැකිය.
නව මාධ්‍ය තුළ Facebook වලට වැඩි යොමුවිමක් දැකගත හැකිය. මිතුරන් ඇති කර ගැනීම, මිතුරන් වැඩි කරගැනීම, ප්‍රේම සබඳතා පවත්වාගෙන යාමට, තම අදහස් අනිත් අය සමඟ බෙදා ගැනීමට, විරහව, සතුට ප්‍රකාශ කිරීමට, කාන්සිය මඟහරවා ගැනීමට, තම අනාගතය පිළිබඳව සැළසුම් කිරීමට පවා මුහුණු පොතේ පිහිට පතන අය කොතෙකුත් නම් සිටී. මෙලෙස තම පෞද්ගලිකත්වය අහිමි කරගනිමින් සියල්ලන්ගේ පොදු භාණ්ඩයක් බවට පත්වන්නේ මන්ද යන්න ගැටලුවකි.
සිදු වන සියලු වැරදි වලට Facebook වැරදි නැති බවත් වැරැද්ද ඇත්තේ අප තුළම බව සිහි තබා ගත යුතුය.

No comments:
Post a Comment